'සීඑස්එන් සංඛ්‍යාත විකුණන්න බෑ' - ජනමාධ්‍ය ලේකම්ට අධිකරණ නියෝගයක්

'සීඑස්එන් සංඛ්‍යාත විකුණන්න බෑ' - ජනමාධ්‍ය ලේකම්ට අධිකරණ නියෝගයක්

විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙන සී.එස්.එන් රූපවාහිනි නාලිකාව සතු විදුලි සංඛ්‍යාත ලබන නොවැම්බර් 16 වැනිදා තෙක් අන්සතු නොකර එම තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණ අද (01) නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය එසේ නියෝග කළේ සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව එම රූපවාහිනි නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් අධිකරණයට දන්වා ඇත්තේ සී.එස්.එන්.රූපවාහිනි නාලිකාවේ බලපත්‍රය අහෝසි කිරීමට පෙර අදාළ සමාගමෙන් සාධාරණ කරුණු විමසීමක් සිදුනොකළ බවයි.

ඒ තුළින් ස්වභාවික යුක්ති ධර්මය උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දී තිබේ. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් එම නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලේකම්වරයා, විදුලි සංදේශ නියාමන කොමිසම එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගඋත්තරකරුවන් 4දෙනෙකුට ලබන 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ වින්සුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහතවරුන් හමුවේ පෙත්සම කැඳවිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment