ආණ්ඩුව නොමිලේ ලබා දුන් ටැබ් පරිගණකවලට මුදල් ගෙවීමට පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට සිදුව තිබේ.
ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති උත්සවයක දී කතානායක කරු ජයසූරිය මහතාගේ අතින් මාධ්‍යවේදීන් හැට දෙනකුට ටැබ් පරිගණක පිරිනැමිණි.
මාධ්‍යවේදීන්ට නොමිලේ ටැබ් දුන්නා යැයි හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා මාස 6ක් ගෙවෙන්නටත් පෙර ටැබ් ගත් මාධ්‍යවේදීන් අමතා ඇති මොබිටෙල් ආයතනය ටැබ් සඳහා මුදල් ගෙවන ලෙස දැනුම් දී ඇත. එම ටැබ් පරිගණක සඳහා රුපියල් 1700 බැගින් වාරික ගෙවීමට මාධ්‍යවේදීන්ට සිදුව ඇති අතර ගෙවිය යුතු මුළු මුදල කොතෙක්දැයි දැනුම් දී නැත.
නමුත් ටැබ් පරිගණක ලබා දීමේ දී මුදල් ගෙවිය යුතු බවක් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දී නැති අතර යහපාලන රජයෙන් නොමිලේ ටැබ් යන්ත්‍ර දුන් බවට මාධ්‍ය වාර්තා ද පළ කෙරිණි.
ආණ්ඩුවෙන් නොමිලේ ටැබ් පරිගණක ගත් මාධ්‍යවේදීන් මේ දිනවල හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා නිතර මතක් කරමින් සිටින අතර ඉදිරි දිනක දී එම පරිගණක සියල්ල ආපසු භාර දීමට සූදානම් බවත් වාර්තා වේ.
මාධ්‍යවේදීන් යනු තමන්ගේ රැහේ එවුන් බව කියන ජනාධීපතිවරයා නායකත්වය දරන ආණ්ඩුව නොමිලේ දුන් ටැබ්වලටත් මුදල් ඉල්ලන තත්ත්වයට පත්ව සිටීම ගැන මාධ්‍යවේදීහු කණස්සල්ල පළ කරති.
– විශේෂ වාර්තාකරුවෙකු විසින්
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment