පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 97කට මල් පොහොට්ටුවේ සාමාජිකත්ව අයදුම්පත්…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඇතුළු 97 දෙනකුට සාමාජිකත්ව ඉල්ලුම්පත්‍ර අංක මේ වන විටත් යොමු කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 37ක්, ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප හා වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 60ක් වෙනුවෙන් සාමාජිකත්ව ඉල්ලුම් පත්‍ර වෙන්කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පවසයි.

මේ වන විටත් ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් බහුතරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එකඟතාවන් මත කටයුතු කිරීමට තීරණය කර ඇතැයිද පවසන ඔහු කෙසේ වෙතත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගතහොත් මන්ත්‍රි ධුරයන් අහෝසි කිරීමේ අවධානමක් ඇති නිසා මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර දැරීම වැදගත් යයිද සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් කිහිපදෙනකු වෙනුවෙන්ද සාමාජිකත්ව ඉල්ලුම් පත්‍ර දැනටමත් වෙන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment