නෝනලා වගේ ඇවිත් පර්ස් උස්සන මාතලේ ගැහැනු පික් පොකට් කල්ලිය


ජාල ගත කාන්තා පික් පොකට් කණ්ඩායමක් මේ දිනවල මාතලේ නගරය පුරා සැරිසරන බව වාර්තාවේ. කාන්තාවන් තිදෙනකු කිරි කැටි දරුවකුද සමඟ මාතලේදී වයෝවෘද්ධ කාන්තාවකගේ රුපියල් 80,000ක් සහිත මුදල් පසුම්බිය පැහැර ගැනීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසියට ඔවුන් සිදු කළ තවත් සොරකම් ගණනාවක් අනාවරණය කරගන්නට හැකිව තිබේ.
ඉහළ
පැලැන්තියේ නෝනලා ලෙස වෙස් වළාගෙන එන මේ අය අවට සිටින කිසිවෙකුට සොරකම් කරන්නට එන අය යයි සැකයක් ඇති නොවන අතර ඇතැම් අවස්ථාවල කුඩා බිළිඳෙකු වඩාගෙන පැමිණීමද ඔවුන්ගේ සිරිතකි.
 තරුණියන් දෙදෙනකු මාතලේ නගරයේදී වැඩිහිටි කාන්තාවගේ මුදල් පසුම්බිය පැහැරගත් ආකාරය  වීඩියෝ ගතවී තිබෙන අතර ඔවුන් ඉතාම සියුම් උපායකට මෙම කටයුතු සිදු කර ඇති බව ඉන් අනාවරණය වෙයි.
පික් පොකට් ගැසීම ජීවන වෘත්තිය කරගත් පිරිසක් වන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාතලේ මූලස්ථාන පොලිසිය මහජන සහාය පතයි.

මාතලේ - හේවා පී. කරුණාරත්න

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment