නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීම: රජයෙන් පූර්ණ පරීක්ෂණයක්

නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීම: රජයෙන් පූර්ණ පරීක්ෂණයක්
හම්බන්තොට වරායේ පෙරේදා (10) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුරදී එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
 
කෙසේ වෙතත් ගැටුම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හැරීම මෙම සිද්ධියට පාදක වී ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇති බව රංග කලංසූරිය මහතා පෙන්වා දෙයි.
 
අන්තර්ජාතික නාවික ගමනාගමන සහ වරාය පහසුකම් ආරක්ෂණ නීති සංග්‍රහය යටතේ වරාය හා සම්බන්ධ මෙවැනි සිද්ධියකදී නාවික හමුදාපතිවරයාගේ පෞද්ගලික මැදිහත්වීම අත්‍යවශ්‍ය බව නාවික හමුදාව ප්‍රකාශ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
 
ගැටුම්කාරී තත්ත්වය අවස්ථාවේ දී නාවික හමුදාපතිවරයා හම්බන්තොට වරායේ රැඳී සිට ඇත්තේ එම අන්තර්ජාතික නීතිය අනුව බවට නාවික හමුදාව ප්‍රකාශ කර ඇති බව ආචාර්ය රංග කලංසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment