'උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීතයක්' ශිවඥානම් ඇත්ත කියයි

'උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීතයක්' ශිවඥානම් ඇත්ත කියයි
‘උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්‘ යන මැයෙන් ජාතික පුවත්පතක පළ කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ සිවඥානම් මහතා මේ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියකින් දැනුම් දී ඇති බවයි.
 
පසුගිය සෙනසුරාදා අදාළ පුවත්පතේ සිවඥානම් මහතාගේ ප්‍රකාශයක් ලෙස එම ප්‍රවෘත්තිය පළ කර තිබූ බව සඳහන් වේ.
 
කෙසේවෙතත් එම ප්‍රවෘත්තිය වැරදි හා විෂමාචාර තොරතුරක් බව  උතුරු පළාත් සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.
 
උතුරු පළාත් සභාවට අවුරුදු තුනක් සම්පූර්ණ වන මොහොතේ අනික් පළාත් සභාවලට මෙන්ම උතුරු පළාතට වෙනම පළාත් ගීතයක් නිර්මාණය කළ යුතු බවට තමා විසින් සභාවට ප්‍රකාශයක් සිදුකළ බව සිවඥානම් මහතා සඳහන් කර තිබේ.
 
තමා සිදුකළ එම ප්‍රකාශය අදාළ පුවත්පත විසින් විකෘති කර පළ කර ඇති බව උතුරු පළාත් සභාපතිවරයා සිය ලිපියෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment