සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පවත්වන්නේ මඟුල් ගෙවල් විතරයි


රුපියල් ලක්ෂ 42,000ක් වැය කොට ඉදිකළ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අද නඩත්තු කර ගන්නට නොහැකි නිසා මංගල උත්සවය පැවැත්වීමට කුලියට ලබා දෙන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
රටේ ජනතාව
සදාකාලික ණය සිරකරුවන් බවට පත් කරමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදි කළාට මේවා අද අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇතැයි පෙන්නා දෙන ඒ මහතා පාලකයන්ට නම් මේවා ආස්වාදජනක බවත් මේවා වෙනුවෙන් ණය ගැනීමේදී ඉහළම පුද්ගලයාගේ සිට පහළටම කොමිස් මුදලක් ලැබෙන බවත් කීය.

ඇමැතිවරයා මෙසේ කීවේ නිවාස ඒකක 800කින් යුත් හෝමාගම මාගම්මන "මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්" ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment