අර්ජුන් මහේන්ද්‍ර යලිත් මහ බැංකුවේ අධිපති ධූරයට..??

2015 පෙබරවාරි මස සිදු වූ මහා බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව රජයේ නිතිපතිවරයාගේ නිරීක්ෂණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත නිතිපති දෙපාර්තමේන්තුව බගින් භාරදි ඇත.

එහි අඩංගු කරුණු සහ නිර්දේශ මේ වනවිට අගමැතිවරයාගේ හිත්වත් පුද්ගලික නීතිඥ මඩුල්ලක් විසින් විශ්ලේෂණයට ලක් කොට අගමැතිවරයාට අවශ්‍ය කරුණු වාර්තා කොට ඇත.

එහිදි නීතිපතිවරයාගෙ නිර්දේශ අනුව අදාළ බැදුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මහා බැංකුව නෛතික වශයෙන් වඩාත් නිවැරැදි ක්‍රමවේදය අනුගමනය කර ඇති බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කොට තිබේ.

ඒ හේතුවෙන සම්පූර්ණ චෝදනාවලින් මහා බැංකුවේ එවකට හිටපු අධිපති ඇතුළු එම වෙන්දේසිට සම්බන්ධ සියළු නිලධාරින් සම්පූර්ණයෙන්ම නිදහස් වන බව එම නීතිඥ මඩුල්ලේ උපදේශය වී ඇත.

ඒ මන්දයත් සීමිත පිරිසක් අතරින් තෝරාගත් කොටසක් අතරේ සාකච්ඡා කොට මිල ගණන් ඉදිරිපත් කිරීමට වඩා ප්‍රසිද්ධ දැන්වීම් පලකොට ඒ මගින් ප්‍රසිද්ධ වෙන්දේසිය යමක් අලෙවි කිරීම වඩාත් නිවැරැදි හා සම්මත ක්‍රමවේදය බව නිතීයේ මූලික සිද්ධාන්තයක් වන බැවිනි.

එතෙක් මහා බැංකුව විසින් අනුගමනය කොට තිබූ සීමිත ටෙන්ඩර් කැඳවමින් බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම වඩාත් නිවැරැදි නොවන බවත් එය අපරාධ හෝ සිවිල් නඩුවක් ඉදිරියේ පරාජය කිරීමට ඉතා ලෙහෙසියෙන්ම හැකි බව ඔහුනගේ මතයයි.

මෑතකදී කෝප් කමිටුව මගින්ද නිර්දේශ කොට ඇත්තේ මෙම ක්‍රමවේද දෙකම මිශ්‍ර කොට අවශ්‍ය පරිදි වඩාත් ලාබාදායි ක්‍රමවේදයක් මහා බැංකුව විසින් අනුගමනය කල යුතු බැවින් එම නිර්දේශය තුලත් ඉහත නඩුව ලෙහෙසියෙන්ම පරාජය කිරිමට හැකි බවයි.

ඒ අනුව හිටපු අධිපති ඇතුළු එම වෙන්දේසිට සම්බන්ධ සියළු නිලධාරින් එම චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වනු ඇතැයිද පෙන්වා දී ඇත. හිටපු මහ බැංකු අධිපතිවරයාද පසුගියදා කියා සිටියේ අදාල චෝදනා සම්බන්ධයෙන් තමන් නිවරදිකරු බවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment