“රට රකින බලමුළුව “ නමින් නව සංවිධානයක්

“රට රකින බලමුළුව “ නමින් නව සංවිධානයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමට ඇති ඉඩ කඩ වැලැක්වීම සඳහා සංවිධාන කිහිපයක් එක්ව “රට රකින බලමුළුව “ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.
 
එම සංවිධානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් පෙරේදා (11) මහනුවර ශ්‍රී දළදා මාළිගය අභියස සත්‍යග්‍රහයක නිරත වුණි.
 
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමේ අවධානමක් පවතින බවයි.
 
කෙසේ වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලු දෙනාගේ යෝජනා එකඟත්වයෙන් සකස් කිරීමටත් ඒකීය ශ්‍රී ලංකාවක් යන අදහස ඉවත් නොකරන බවටත් රජය ප්‍රකාශ කර තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment