කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි

කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි

මොරගහකන්ද ජලාශයට සමගාමිව ඉදිකරමින් තිබෙන කළුඟග ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටි සියලු සේවකයෝ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අද (28) දින සිට  සේවයෙන් ඉවත් කර තිබේ.

මෙහි සේවකයන් සුපුරුදු පරිදි අද (28) සේවයට වාර්තා කරන විට එහි කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නිලධාරීන් සේවකයින්ට දැනුම් දී ඇත්තේ කළුගඟ ජලාශයේ ඉදිකිරීම් නවතා දමන බැවින් සේවයට නොයන ලෙසයි.

මෙම වැඩ බිමේ 600ක් පමණ සේවකයෝ සේවය කර තිබේ. ඉන් වැඩි දෙනා චීන ජාතිකයෝ වන අතර අද වැඩ අහිමි වූ වැඩි දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙති.

සේවයෙන් ඉවත්කළ පිරිස චීන සමාගමේ කොන්ත්‍රාත් කාර්යාලය අසල මහා වැස්සේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ පසුව පොලිසිය විසින් ඔවුහු ඉවත් කර ඇත.

කෙසේ වුවද සේවා පවත්වාගෙන යාමට මුදල් නොමැති නිසා ඉදිකිරීම් තාවකාලිකව තම සමාගම නවතා දැමු බව කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නියෝජිතයෝ පවසති.

මේ අතර කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් කළ බවත් කළු ගඟ ජලාශයේ වැඩ කඩිනමින් අවසන් කර 2017 දී විවෘත කරන බවත් මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති කළමණාකරණ ඉංජිනේරු ආර්.බී තෙන්නකෝන් මහතා පවසයි.

පමාවකින් තොරව පඩිනඩි ද ගෙවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment