මිලිනා සුමතිපාල මැතිණියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (29) සවස කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ දී සිදු කිරීමට
නියමිතය. බෞද්ධ කාන්තා නායිකාවක වර්ණිත දානපතිනියක, ප්‍රබල සමාජ සේවිකාවක මෙන්ම රසඥතාපූර්ණ කලාවේදිනියක ලෙස ද
දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද සම්භාවනාවට පාත්‍ර වූ ඇය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනියකද වූවාය.

මියයන විට 81 වැනි වියේ පසු වූ ඇය ප්‍රකට ව්‍යාපාරිකයෙකු, සාමාජ සේවකයෙකු, සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම සුමති සමූහ ව්‍යාපාරයේ ආදි කර්තෘ නැසීගිය යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ ආදරණීය භාර්යාව ද වූවාය. පුතුන් දෙදෙනකුගේත් දියණියන් පස්දෙනෙකුගේත් ආදරණීය මෑණියන් වූවාය.
මිලිනා සුමතිපාල මහත්මියගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහර බ්‍රහස්පතින්දා (29) සවස නිවසින් පිටත්වීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment