ශ්‍රීලනිප - ඒකාබද්ධය විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

ශ්‍රීලනිප - ඒකාබද්ධය විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉදිරි දින කිහිපයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පසුගියදා කොළඹ පැවති උත්සවයකට සහභාගී වී තිබේ. එහිදී දේශපාලනික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර  එහිදී දෙපාර්ශවයේම නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බවයි.

ශ්‍රීලනිපය බෙදී වෙන්වුවහොත් ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයගනු ඇති බව දෙපාර්ශවයේම මතය වී තිබේ.

ඉදිරි මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින් එම මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි අවස්ථාවක් පවතින බව නිදහස් පක්ෂ නියෝජිතයින් එහිදී පෙන්වා දී තිබේ.

සම්මුති ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝග දීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පෙන්වා දී ඇත.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment