ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 

ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය හේතුවෙන් එළැඹෙන 30දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණත් එදින ‍ශෝක දිනයක් ලෙස නම් නොකරන බව රජය ප්‍රකාශ කරයි.

රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

රජය මුලින්ම ප්‍රකාශ කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අදාහන කටයුතු සිදුවන 31දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බවයි. 

එම පුවත විද්‍යුත් මාධ්‍ය හා වෙබ් අඩවිවල පළ වීමෙන් පසු ස්වදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශෝක දිනය ලබන 30දාට වෙනස් කළ බවයි.

අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එහිදී වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 දින හොරණ මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.

මේවන විට දේහය මහජන ගෞරවය සඳහා අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ හොරණ නිවසේ තැන්පත් කර තිබේ.

Image may contain: 17 people, people smiling, people standing and wedding

Image may contain: 15 people, people standing and wedding

Image may contain: 12 people, people standing, wedding and indoor

Image may contain: 7 people, people standing

Image may contain: 1 person, standing

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment