ජනප්‍රිය ගායක ප්‍රින්ස්ට අසාධ්‍යයි

ජනප්‍රිය ගායක ප්‍රින්ස්ට අසාධ්‍යයි

ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා යළි අසාධ්‍යව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ පිළිබඳව ඔහුගේ සොහොයුරිය වූ ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු මහත්මියගෙන් මෙසේ සඳහන් කර තිබේ.

“මේ වන විට ප්‍රින්ස්ට සිහිකල්පනාව නම් සියයට පණහක් පමණ තියෙනවා. තවම ඔහු වෙනුවෙන් (ඉන්ජෙක්සන්) ප්‍රතිකාර ක්‍රියාවලියක් සිදුකෙරෙනවා. ඒ ඉන්ජෙක්ෂන් එක දවසට ලක්ෂ පහක් පමණ වෙන අත්‍යවශයම ක්‍රියාවලියක්. දවස් පහක් පමණ එය ලබා දිය යුතුයි. දැනට දවස් දෙකක් ලබා දුන්නා. තව දවස් තුනක් පමණ ලබා දිය යුතුයි.

කොළඹ ජාතික රෝහලේ දින තුනක ප්‍රතිකාර ලබා දීමෙන් පසුව සඳුදා හවස තමයි මෙම රෝහලට රැගෙන ආවේ. සඳුදා හවස් වනවිට ඔහු හොඳටම අසාධ්‍ය වුණාමයි මෙම රෝහලට රැගෙන ආවේ. මේ සඳහා කැමති රසික රසිකාවියනටජාතික ඉතිරිකිරීමේ බැංකුව 100948803862 / කොමර්ෂල් 8103017799 - ඇල්පිටිය යන ගිණුම් අංකවලට මූල්‍යමය ආධාර ලබාදිය හැකි අතර 0769111838 යන දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර දැනගත හැකියි."

(අද)

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment