පසුගියදා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කල රියදුරකු හදිසියේ සේවයෙන් පහ කර දමා ඇත්තේ ඔහු බීමත්ව කාර්යාල පරිශ්‍රය තුළ සිටිමින් එහි ආපන ශාලාවේ සේවකයකු සමග බහින් බස් වීමක් ඇතිකරගත් බව කියමිනි.
අදාල සේවකයාගේ බීමත්ව සිටි බව අධිකාරියේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා උපකල්පනය කරගෙන ඇත්තේ අධිකාරියේ ඇති සුවිශේෂී ‘ගඳ සුවඳ දැනෙන කැමරා පද්ධතිය’ ආධාරයෙන් බව එහි සේවකයෝ පවසති. ඇය ඒ පිළිබඳ වාර්තාවක් ආයතන පරිපාලනයට යොමුකොට වහාම අදාළ රියදුරු සේවයෙන් ඉවත්කොට ඇත්තේ කිසිදු වෙනත් සාක්ෂියක් සෙවීම තබා එම සේවකයාගෙන් හෝ විමසීමකින් තොරවය.
නමුත් අවාසනාව වී ඇත්තේ අදාළ රියදුරු ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ල සාමාජික මහාචාර්ය ප්‍රසන්න පෙරේරාගේ රියදුරු වීම හේතුවෙනි. මහාචාර්යවරයා සිද්ධිය වෙනුවෙන් ඉදිරිපත්වී වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඇති අතර ඉන් අනතුරුව ආයතන ප්‍රධානීන් කමිටුවක් පත්කොට සිදුවීම ගැන වාර්තාවක් ලබා ගෙන ඇත.
ඉන් ඉතා පැහැදිලි ලෙස සිද්ධියට සම්බන්ධ රියදුරුගේ කිසිදු වරදක් නොමැති බවත් ඒ අවස්ථාවේ බීමත්ව නොසිට ඇති බවත් සක්සුදක්සේ පැහැදිලි කර දී ඇත.
මින් කලබලයට පත් ආයතන ප්‍රධානීන් අද දින අධිකාරියේ නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහකරන ලද රියදුරුගේ නිවසට යවා ඇත්තේ සිද්ධිය කෙසේ හෝ ගොඩින් බේරාගෙන එන ලෙස දන්වමිනි.
0 comments :
Post a Comment