උතුරේ රජයේ ඉඩම්වල අයිතිය පදිංචිකරුවන්ට පවරයි

උතුරේ රජයේ ඉඩම්වල අයිතිය පදිංචිකරුවන්ට පවරයි

යුද්ධයෙන් පසු කිලිනොච්චි ප්‍රදේශයේ රජයේ ඉඩමවල පදිංචිවූවන් සදහා ඉඩම් අයිතින් ලබාදීම අද (09) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේ ඒ සෑම පුද්ගලයෙක්ටම සාධාරණයක් වන පරිදි ඉඩම්වල අයිතීන් සහ බලපත්‍ර ලබාදීමට නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි.

මේ සදහා එම ප්‍රදේශයේ රජයේ ඉඩම්වල පදිංචි කරුවන් 150 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති අතර කිලිනොච්චිය රාජ්‍ය නිලධාරීන්ගේ හා ග්‍රාමසේවකවරුන්ගෙන් ලබාගත් තොරතුරු වලට අනුව ඔවුන්ගේ ඉඩම්වල අයිතිය ලබා දීමට පියවර ගෙන ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියාසිටියේ යුද්දයෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන්ට සිය ඉඩම්හි අයිතිය ලබා ගැනීම සහා බොහෝ ගැටලුවලට මුහුණ පෑමට සිදු වූ බවත් රජයේ නව සියලු ඉඩම් වෙනුවෙන් අයිතිය ලබා දීමේ වැඩපිළිවල යටතේ මෙසේ නැවත පදිංචිවූවන් වෙනුවෙන් ඉඩම් අයිතිය ලබා දීමට පියවර ගත් බවත්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment