අයවැය තෙවන වර ඡන්ද විමසීම අදයි

අයවැය තෙවන වර ඡන්ද විමසීම අදයි

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (10) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.

පසුගිය නොවැම්බර් 10 වැනිදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය මස 18 වනදා පැවැති අතර, වැඩි ඡන්ද 107කින් එය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 162ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 55ක් පමණි.

මේ අතර ඊයේ (09) දිනයේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අමාත්‍යාංශ 05ක වැය ශීර්ෂ විවාදයට ගැනුණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment