ගාල්ල කොටුපවුර අසල රුසියන් ජාතිකයකුගේ මළ සිරුරක්


රුසියන් ජාතිකයකුගේ මළ සිරුරක් ගාල්ල කොටුපවුර අසලදී  ගාල්ල පොලිසියට හමුවී තිබේ.
වයස අවුරුදු 55ක් වන අබ්රා මොච්කින් අලෙක්සෙල් නොහොත් අලෙක් නමැති රුසියානු ජාතිකයකු මෙසේ මියගොස් තිබිණි. මෙම රුසියානු ජාතිකයා හොල්සිස් ලෝවා ස්ටීර්ට් මොස්කව් - රුසියාව ලිපිනයේ
පදිංචිකරුවෙකි.
මොහු ස්ලිපින් මෝකර් හවුස් පනන්ගොඩ මැදපාර, හික්කඩුව යන ලිපිනයේ පදිංචිව සිටිමින් ආයුර්වේද ස්ටැක් රෙස්ටුරන්ස් නමින් ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර, කරන ලද පරීක්ෂණ අනුව බීමතින් සිට කොටුපවුර මතින් බිමට ඇදවැටි සිදුවූ මරණයක් බවට අනාවරණය වී ඇත.
වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය මඟින් පවත්වයි.
(රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි, පෝද්දල - යූ. එම්. තිලකරත්න)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment