පමාවී පන්තියට එන චීන වෛද්‍ය සිසුන්ට කම්මුල් පහර ගැස්සවූ ගුරුවරිය අත්අඩංගුවට පත්වූ හැටි


පමාවී පන්තියට එන චීන වෛද්‍ය සිසුන්ට
කම්මුල් පහර ගැස්සවූ ගුරුවරිය අත්අඩංගුවට පත්වූ හැටි

මධ්‍යම චීනයේ ගන්සු පළාතේ පිහිටි හෙක්සි නමැති වෛද්‍ය විද්‍යාලයක ඇතිවූ සිදුවීමක් මේවනවිට චීන සමාජ මාධ්‍ය අවුළවා තිබෙනවා. එම වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්වීම් කරන ගුරුවරියක තම දේශන සඳහා ප්‍රමාදවන සිසුසිසුවියන්ට ලබාදෙන අපූරු දඩුවමක් මෙම වීඩියෝවේ දැක්වේ.
ප්‍රමාදවී එන අය පිරිමි ගැහැණු ලෙස කාණ්ඩ වලට බෙදා පන්තියේ ඇතුළුවන දොර අසළ පේළියකට සිටුවන ගුරුවරිය
ඔවුන් යුගළ වශයෙන් සිටුවා

එකිනෙකාට කම්මුල් පහර එල්ල කරන්නැයි  නියෝග කිරීම මෙම දඩුවමයි. එම කම්මුල් පහර කෑමෙන් පසු පමණක් පන්තියට ඇතුළුවීමට අවසර ලැබේ.

මෙම දඩුවම හරියටම ඉටු කරනවාදැයි නිරීක්ෂණයටද ගුරුවරිය එතැන සිටින අතර අතැමුන් තදින් පහර එල්ල නොකරන අවස්ථාවල එය නැවත කරන්නැයිද හරියට හයියෙන් ගසන්නැයිද කෑගසනවා.

එම පළාතේ අධ්‍යාපන බලධාරීන්ට ලැබුණ පැමිණිල්ලකින් පසුව එම දඩුවම් ක්‍රමය සිදු කරවන අවස්ථාවක වැටළීමක් කර එකී ගුරුවරිය අත්අඩංගුවට ගන්නට පොලිසිය සමග එම බලධාරීන් කටයුතු කර තිබේ.

ලුපින්ග් නමැති ගුරුවරිය පසුව තම වරද පිළිගෙන සමාව අයැද තිබේ. එරට නීතිය අනුව එවැනි හිංසනයක් කිරීමට අයිති නැති බැවින් ඇයට ඉදිරියේදී දඩුවම් හිමුවනු ඇතැයිද චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

වැටළිම සිදු කරන අවස්ථාවේ ගුරුවරිය සිසුන්ට දඩුවම් දෙමින් සිටි ආකාරය හා පසුව ඇය හසුවන අයුරු දැක්වෙන වීඩියෝව චීන සමාජ ජාලාවල පළව තිබුනේ පහත පරිදිය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment