නත්තල් සීයා සාප්පු ආ තරුණියකට අතවර කරන්න හදලා


ඇමරිකාවේ විස්කොසින්හි ග්‍රින්ඩෙල්හි සවුත්බ්‍රිජ් මෝල් නමැති සුප්‍රකට සාප්පු සංකීර්ණයක නත්තල් සීයා කෙනෙකු ලෙස සැරිසැරූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.


පසුගිය නත්තල් සමයේ මෙහි සාප්පුවක් නියෝජනය කරන අයෙකු ලෙස වෙස්වළාගෙන නත්තල් සීයා ලෙස රතු සුදු ඇඳුමින් සැරසී සාප්පු සංකීර්ණයේ තරුණ කාන්තාවන් වෙත තෑගි බෙදාදුන් බව කියන මෙම පුද්ගලයා කාන්තාවකට අතවර කිරීමට තැත්කිරීමේ චෝදනාවක් නිසා පොලිසියට කොටුවිය.

‘ඔයාට ඕන තෑග්ග මොකක්ද‘ කියමින් තමා අසළට ළංවී සතුටු සාමීචියේ යෙදෙන්නට මෙම පුද්ගලයා කටයුතු කළ බවත් පසුව අසළ හිස් සාප්පුවක් වෙත කැඳවාගොස් අතවරයක් කරන්නට ප්‍රයත්න දැරූ බවත් පැමිණිලිකාර කාන්තාව පවසා තිබේ.
මෙම පුද්ගලයා 66 හැවිරිදි නිකුලස් කූපර් නමැත්තෙකු ලෙස පොලිසිය හඳුනාගෙන තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment