'උදම්මිට සමරේ'ගේ හිස පසාරුවූ වෙඩි උණ්ඩ 2ක් තිබිලා



පසුගියදා වේයන්ගොඩ ඇල්ඔය පාලම අසළදී සුඛෝපභෝගී රියකින් ගමන් කරමින් සිටියදී ලුහුබැඳ ආ වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයට ලක්ව මියගිය පාතාල නායක උදම්මිට සමරේ හෙවත් ජානක සමන්ත කුමාර
සමරදිවාකර  නමැත්තාගේ
හිසට වෙඩි උණ්ඩ දෙකක් වැදී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ.
ගම්පහ මූලික රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26දා) සිදු කළ අතර මෙම වෙඩි ප්‍රහාරය දක්ෂ වෙඩික්කරුවකු විසින් තබන්නට ඇතැයි පොලිසිය පවසයි.
තවමත් මෙම ඝාතනය සිදු කළ අය අත්අඩංගුවටගන්නට හැකිවී නැති අතර පාතාල ගැටුමක ප්‍රතිඵල ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් මහතාගේ ඝාතනය ඇතුළු අපරාධ රැසකට මියගිය අය සම්බන්ධවූ බව කියැවේ.

















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment