බැසිල් බෙහෙත් ගන්න ඇමරිකා යයි

බැසිල් රාජපක්‍ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (10 )  ඇමරිකාව බලා පිටත් ව ගිය බව ශ්‍රී
ලංකා පොදුජන
පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා දන්වා සිටී.
පක්‍ෂයේ ඉදිරි වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව පෙරට ගෙනයාම සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවසන් වූ සැණින් නැවත ලංකාවට ඔහු පැමිණෙන බවත් දන්වා ඇත.
අධිකරණය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔහුට පනවා තිබූ විදෙස් සංචාරක තහනම පසුගියදා අත්හිටුවනු ලැබූයේ තමාට ඇමරිකාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ගන්නට අවශ්‍ය බවට ඔහු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment