පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය

පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය

දුම්රිය මගී ජනතාවගේ ඉල්ලිම් පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි පාසල් නිවාඩු සමය ඉලක්ක කරගනිමින් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කර තිබේ.

එම අතිරේක දුම්රිය, ගමන් ගන්නා දිනයන් හා වේලාවන් පහත පරිදි වේ.

දුම්රිය මැදිරි පිළිබඳ විස්තරය

පළවන පන්තියේ වායුසමනය කළ මැදිරි - 01

දෙවන පන්තියේ වෙන්කළ ආසන සහිත මැදිරි - 03

සකසුරුවම් පන්තියේ වෙන්කළ ආසන සහිත මැදිරි - 01

සකසුරුවම් පන්තියේ සාමාන්‍ය ආසන සහිත මැදිරි - 02

සකසුරුවම් පන්තියේ භෝජනාගාරය සහිත මැදිරි -01

ධාවනය වන දිනයන් සහ වේලාවන්

කොළඹ කොටුව - බදුල්ල (09, 11, 13, 15, 17 හා 19 යන දිනයන්හිදී)

කොළඹ කොටුවෙන් පිටත් වීම - පෙ.ව.07.03  බදුල්ලට ළඟා වීම - ප.ව.05.29

 බදුල්ල - කොළඹ කොටුව (10, 12, 14, 16, 18 හා 20 යන දිනයන්හිදී)

බදුල්ලෙන් පිටත් වීම - පෙ.ව. 07.30 - කොළඹ කොටුවට ළඟා වීම - ප.ව.05.20

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment