සා.පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

සා.පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙම මස 06 වැනි දින ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට මෙතෙක් ජාතික හැඳුනුම්පත ලැබී නොමැති නම් අද (03) දිනය තුළ හෝ 05 වන සඳුදා දින පැමිණ එය ලබා ගන්නා ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

එහි කොමසාරිස් ජනරාල් සරත් කුමාර රත්නායක මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා විශේෂ කවුලුවක් විවෘත කර ඇති බවයි.

ලබන 06 වැනිදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5669ක සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක පැවැත්වෙනු ඇත.

විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් ලක්ෂ 07කට ආසන්න ප්‍රමාණයක් බව සඳහන්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment