පොලිස්පතිට ආ අමුතු ඇමතුම (VIDEO)

පොලිස්පතිට ආ අමුතු ඇමතුම (VIDEO)

පොලිස්පති, පූජිත ජයසුන්දර මහතා සහභාගී වූ උත්සවයක වීඩියෝ පටයක් මේ දිනවල සමාජ ජාල ඇතුළු අන්තර්ජාලයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

උත්සවයක දේශණයක් පවත්වමින් සිටිය දී හදිසියේ ආ දුරකතන ඇමතුමකට ඒ මහතා ප්‍රතිචාර දක්වන අයුරු එම වීඩියෝ පටයේ දැක්වේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පවත්වනු ලබන පරීක්ෂණයක තොරතුරු සහ ඒ හා සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ මෙහි දී අදහස් හුවමාරුවන අතර දුරකතනයේ අනෙක්පස සිටින්නේ කවරෙකු දැ යි අනාවරණය නොවූවත් ඔහු උසස් තනතුරක සිටින්නෙකු බව පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වෙයි.

මෙම ඇමතුම පිළිබඳ සිය මතය ඉදිරිපත්කර ඇති බොහෝ දෙනා පවසා ඇත්තේ පොලීසියේ ස්වාධීනත්වය පිළිබඳව මෙම වීඩියෝව දැඩි ලෙස ගැටළුකාරී බවක් මතුකරන බව යි.

එමෙන්ම පොලීසිය වෙත අනවශ්‍ය ආකාරයේ බලපෑම් සිදුවන බවට ද මෙය උදාහරණයක්වන බව යි මේ පිළිබඳ අදහස් දක්වා තිබෙන බොහෝ සමාජ ජාල පරිශීලකයින් පවසා ඇත්තේ.

එම වීඩියෝව පහතින් > > > 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment