පිළිකා රෝහ‍ලේ වෛද්‍යවරුන් 14 එකවර ඩෙන්මාර්ක් යාම ගැන cid විමර්ශන


මහරගම පිළිකා රෝහ‍ලේ වෛද්‍යවරුන් 14 දෙනකු පසුගිය ඔක්තෝබර් මස සම්මන්ත්‍රණයක් සඳහා එකවර
ඩෙන්මාර්ක් රටේ සංචාරය කිරීම සම්බන්ධයෙන්
විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය
රාජිත සේනාරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඖෂධ සමාගමක මූල්‍ය ප්‍රතිපාදන යටතේ එම වෛද්‍යවරුන් 14 දෙනා ඩෙන්මාර්ක් සංචාරයේ යෙදුණු
බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබි ඇති අතර එම පැමිණිලි අනුව පසුගිය දා සෞඛ්‍ය
අමාත්‍යාංශය මගින් ද විමර්ශනයක් සිදුකර ඇත.

එම වෛද්‍යවරුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරමින් වැඩිදුර විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
භාර දී ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇති බවත් එම කොමිසම
මගින් ද වැඩිදුර විමර්ශනයක් සිදු කෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගෙන වාර්තාවක් සකස් කර එම වාර්තාව ලබන සඳුදා
(09) සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දීමට නියමිත බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

-හර්ෂණී වීරරත්න


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment