රාජකීයේ සිසුන් ගැනීම යළි අරඹයි - සිසුන් 31 වංචනිකව ඇතුළත් කරලා 

රාජකීයේ සිසුන් ගැනීම යළි අරඹයි - සිසුන් 31 වංචනිකව ඇතුළත් කරලා 

දැනට නවතා දමා ඇති කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ(12) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

වංචනික ක්‍රියාවලින් තොරව නිසි ක්‍රමවේදයට ඇතුළත් කළ සිසුන් පමණක් සඳුදා සිට බඳවා ගන්නා බවත් වංචනික ලෙස ඇතුළත් කිරීමට උත්සාහ කළ සිසුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලබාදෙන පාසලකට ඇතුළත්වීමට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත්කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේවන විට එම සිසුන් 147 දෙනෙකු සම්බන්ධව කළ ස්ථානීය පරීක්ෂණවලදී ඉන් සිසුන් 31 ක්ම ඇතුළත් කර ඇත්තේ වංචනික ලෙසින් බව හෙළිවී ඇත.

රථ ගාලක, මුරකුටි, පල්ලි, ව්‍යාපාරික ස්ථාන, තානාපති කාර්යාල, ඉදිවෙමින් පවතින ගොඩනැගිලි මෙන්ම පදිංචියට කිසිසේත් සුදුසු නැති ස්ථානවල ලිපින යොදා ඇතැමුන් රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට උත්සාහ ගෙන ඇති බව ද අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment