සිසුන් 80කගේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවයි 

සිසුන් 80කගේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවයි 

දුෂ්කර ප්‍රදේශවලින් 2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 80දෙනෙකුගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා තිබේ.

පසුගිය 2016 විභාගය පැවැත්වෙන අතරතුර විභාග දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි අනුව සිදුකළ මූලික විමර්ශනයක් අනුව මෙම ප්‍රතිඵල අත්හිටවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසී ය.

කෝටා ක්‍රමය යටතේ දුෂ්කර පළාත් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ලැබෙන වරප්‍රසාද සැලකිල්ලට ගනිමින් අදාළ පිට පළාත් සිසුන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්හි දුෂ්කර ප්‍රදේශවලින් විභාගයට පෙනී සිට ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින්ද විමර්ශනයක් ආරම්භ කර  ඇති අතර ඊට අදාළව විදුහල්පතිවරුන් හය දෙනෙකු වැඩ තහනම් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment