මෝටර් රථ පෙරළියක්: අඩු මුදලට එන 'ටොයෝටා හයිබ්‍රිඩ්' සුපිරි මෝටර් රථය මෙන්න

මෝටර් රථ පෙරළියක්: අඩු මුදලට එන 'ටොයෝටා හයිබ්‍රිඩ්' සුපිරි මෝටර් රථය මෙන්න

ලොව විශාලතම මෝටර් කාර් නිෂ්පාදකයා වන ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ඉන්දියානු අනුබද්ධ සමාගම, ඉන්දියාවේ ආරක්ෂිතම කුඩා කාර් වර්ගය නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. 

මේ වන විට ඉන්දියානු කුඩා මෝටර් රථ ආධිපත්‍ය දරණ මරුටි, රෙනෝල්ට් හා හුන්ඩායි වෙත අභියෝග කරමින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් හා ගෙවන මුදලට ඉහළ වටිනාකමක් ලබා දෙන කුඩා කාර් රථයක් නුදුරේ දීම මේ අනුව ටොයෝටා නාමය යටතේ එළිදකිනු ඇත.

ටොයෝටා ඉන්දියා සමාගම වන Toyota Kirloskar හි කළමනාකාර අධ්‍යක්ෂ අකිටෝ ටචිබානා පවසන පරිදි මෙම කටයුත්ත ටොයෝටා හා ඩයිහට්සු සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාවට නැංවෙන අතර අදාළ වාහනයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට පළමුව අදාළ වෙළෙඳපොළ කාණ්ඩ පිළිබඳ පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

මීට පෙර අවස්ථා දෙකක දී Etios Liva මාදිලිවල මෝටර් රථ ඉන්දීය වෙළෙඳපොළට එක් කිරීමට ටොයෝටා කටයුතු කළ ද අතරමඟ දී එම කටයුත්ත අතහැරීමට සමාගම පියවර ගත්තේය.

මේ සම්බන්ධයෙන් සමාගම කියා සිටින්නේ ටොයෝටා සෙසු නිෂ්පාදන හා සැසඳීමේ දී Etios Liva වෙළෙඳපොළ ඉතා කුඩා අගයයක් ගැනීම ඊට හේතු වූ බවයි.

කෙසේ වෙතත් අඩු වියදම් ඩයිහට්සු තාක්ෂණයෙන් එළි දැකීමට නියමිත මෙම නව මෝටර් රථ මාදිලිය මුළුමනින්ම හයිබ්‍රිඩ් තාක්ෂණයෙන් සන්නද්ධ බවත් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී මෙය වෙළෙඳපොළට එක්වනු ඇති බවත් ටචිබානා වැඩිදුරටත් පැවසයී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment