මීගමුව කලපු සංවර්ධනයට යෙදවු මුදල් අවභාවිතා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(13) නියෝග කළේය.
මේ අතර රිමාන්ඩ් බාරයේ සිටින සරත් කුමාර ගුණරත්න මහතාගේ බෑනනුවන් කෙනෙකු බව කියන උපුල් චන්දන මහතා අත්අඩංගුවට ගැනීමට සෙව්වත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ නඩුවේ ඔහුද සැකකරුවකු බව රහස් පොලිසිය කීවේය.
0 comments :
Post a Comment