2018 වර්ෂය අවසාන වනවිට රටට අවශ්‍ය ඖෂධවලින් 80% ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීම තම අපේක්ෂාව වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ සඳහා ඖෂධ කර්මාන්තපුර ඉදිකිරීම සඳහා කළුතර, හොරණ සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ඉඩම් ලබාගැනීමට සැලසුම් කර ඇති බව හෙතෙම පැවසීය.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීම සඳහා ජපානය සමග ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර, එහිදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග සමාගම් 24 ක් ඖෂධ නිෂ්පාදනය කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. තවත් සමාගම් 08 ක් ස්වාධීනව ඖෂධ නිෂ්පාදනය කිරීමට සූදානම්. තවත් සමාගම් 07 ක් ඉදිරියේදී ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා එක්වීමට නියමිතයි. මගේ බලාපොරොත්තුව 2018 අවසන් වනවිට ඖෂධවලින් 80% ක් දේශීයව නිෂ්පාදනය කිරීමයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් වැය වෙනවා. ඖෂධ කර්මාන්ත පුර ඉදිකිරීමට කළුතර, හොරණ සහ කුරුණෑගල ඉඩම් ලබාගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. සෑම ඖෂධයක්ම හිඟයකින් තොරව ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා" යැයි වැඩි දුරටත් පැවසීය.
0 comments :
Post a Comment