තරුණයින් වෙනුවෙන් මැ.කොගෙන් නව තීරණයක්

තරුණයින් වෙනුවෙන් මැ.කොගෙන් නව තීරණයක්

වසර දහ අටක් සැපිරුණු තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදීමේ අරමුණින් වසරකට තුන්වරක් තරුණ තරුණියන්ගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කොට පරිපූරක ඡන්ද හිමි නාමලේඛණයක් සකසන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

වවුනියාවේ තරුණ සංවිධානයක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් හා ජාතික තරුණ සේවා සභාව දෙලක්ෂයකගේ අත්සන් සහිතව ඉදිරිපත් කරණ ලද පෙත්සමක් සැලකිල්ලට ගෙන මෙම තීරණයට පැමිණි බවද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

ඒ අනුව ජනවාරි 31 වෙනිදාටත්, සැප්තැම්බර් 30 වෙනිදාටත් වයස අවුරුදු දහ අට සම්පූර්ණ කරන තරුණ තරුණියන් වෙනුවෙන් පරිපූරක ඡන්ද හිමි නාමල්ඛණයක් සකස් කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කළේය.

මීට පෙර වර්ෂයකම ජූලි මස පලවෙනිදාට වසය අවුරුදු දහ අට සම්පූර්ණ වූ තරුණ තරුණියන්ගේ නම් ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළු කිරීම සිදුවිය.

මේ ක්‍රියාව නිසා වයස අවුරුදු දහ අට සම්පූර්ණ වූ සියළුම දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම හිමිවන බව කී මැතිවරණ කොමසාරිස්වරයා දැනට පවත්නා ක්‍රමය අනුව මැතිවරණය පැවැත්වෙන විට වයස අවුරුදු දහනවය හමාරක් සම්පූර්ණ වූ අයටද ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව උදාහරණ සහිතව විස්තර කළේය.

තරුණ තරුණියන් වෙනුවෙන් පරිපූරක ඡන්දහිමි නාම ලේඛණයක් සකස් කිරීමේ කටයුත්තට පිළිගත් දේශපාලන පක්ෂවල එකඟත්වය පලවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ පනත් සැකසීම පිණිස නව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

- දිනසේන රතුගමගේ -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment