ඩ්‍රෝන කැමරා වලින් මීඩියා කවරේජ් කරනවා නම් අවසර ගන්නලු


පසුගියදා හම්බන්තොට කලබලය ඇතිවූ අවස්ථාවේ හිරු මාධ්‍ය නාලිකාව මගින් ඩ්‍රෝන කැමරා යවා රූගතකිරීම්
සිදුකරන්නට උත්සාහ කළ විට ආරක්ෂක අංශ
මැදිහත්වී එම කැමරාව භාරයට ගෙන තිබුණ අතර මින් ඉහත ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩගැනීම සිදුකරන අවස්ථාවේ කනත්තේ ඩ්‍රෝන කැමරා යොමු කළ මාධ්‍ය සොයා පරීක්ෂාවක්ද සිදු කර තිබුණි.

මේ අනුව ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට අවශ්‍යතාවයක් මතුව ඇතැයිද අවසරයක් නැතිව මාධ්‍ය ආවරණ සිදුකිරීම අනවශ්‍ය ගැටලු ඇති කර තිබෙන නිසා අවසරයකින් පසු ඒ කැමරා භාවිතයට ඉඩ තබන ලෙස ඒ ගැන පියවර ගන්නා බවද නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ලැබ අද සිට වාර්තාකිරීම ඇරඹූ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසිය.

ඔහු පවසන්නේ නව තාක්ෂණය ආවත් ඒවා ප්‍රවේශමෙන් ආචාර ධර්ම අනුව භාවිත කිරීමට නීති සැකසිය යුතු බවකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment