ඇමැති මංගල අද බ්‍රිතාන්‍යයට

ඇමැති මංගල අද බ්‍රිතාන්‍යයට

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) දින බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

2016 වර්ෂයේ ජූලි මාසයේ පැවති ජනමත විචාරණයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ නව ආණ්ඩුව බිහිවීමෙන් පසුව මෙරට ඉහළ පෙළේ නියෝජිතයෙකු බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී බ්‍රිතාන්‍යයේ විදේශ හා ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ ‍ලේකම් බොරිස් ජොන්සන් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති  අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී  විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment