විදුර වික්‍රමනායකත් ඉවත්වීමේ සූදානමක

විදුර වික්‍රමනායකත් ඉවත්වීමේ සූදානමක

මන්ත්‍රීවරුන්ට විශේෂ දීමනා දෙමින් වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තුළ රටේ සාමාන්‍ය ජනතා තවදුරටත් අන්ත අසරණභාවයට පත්වෙන බවත් එම නිසා වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රය පිළිබඳ තමා තුළ පවතින කලකිරීම එන්න එන්නම  වැඩි වන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

මේ හේතුවෙන් මන්ත්‍රී ධුරය දැරීම පිළිබඳ ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය. 

තමන් වැටුපෙන් ජීවත් නොවන බවත් තමාගේ වැටුප ශිෂ්‍යත්ව කීපයකට යොදවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“දේශපාලනයෙන් මම හොයාගත්තු දෙයක් නැහැ. මගේ පියාත් එහෙමයි. පියා මට දීපු අවවාදය තමයි දේශපාලනය තෝරාගන්නව නම් පරිත්‍යාගයටත් පරාජය භාර ගැනීමටත් සූදානම් විය යුතුයි කියන එක. අර පැත්තට මේ පැත්තට පැන පැන බල ‍පොරයට එකතු වෙන්න මං කැමති නැහැ. මං හිතන්නෙ වඩාම හොඳ පියවර නිහඬව පැත්තකට වෙලා ඉන්න එක කියන එකයි.” යැයිද විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment