සිරසින් ගෝඨාභය රාජපක්ෂ එසවීමේ වැඩසටහන්

මෙවර සතිඅන්ත සත්හඩ පුවත් වාර්තාවකින් දැක්වෙන්නේ ඉදිරි කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන නායකයෙකු ලෙස ඔසවා තැබීම වෙනුවෙන් ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් සිරස නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන්නට නියමිත බවයි.
ගෝඨාභය රාජපක්ෂ සමඟ

ගමින් ගමට ගොස් කඩමණ්ඩිවල දී ජනතාව මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති බවත් 'පාත් ෆයින්ඩර්' නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වන මිලින්ද මොරගොඩගේ සැලසුමකට අනුව මෙය සිදුවන බවත් පැවසේ.
එම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් බලපෑම් කරන ආයතනයක් බවත් දීර්ඝ කාලීන සැලසුමකට අනුව ලංකාවේ ඉදිරි අනාගත දේශපාලන නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කිරීම මෙම දේශපාලන සැලසුමට අයත් බවත් පැවසේ.
ඒ අනුව  'වියත් මඟ' නමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වතුන් කිහිප දෙනකු සමඟ එක් වී ගමින් ගමට ගොස් ජන කොටස් ආමන්ත්‍රණය කිරීම සිදුකර ඇති අතර ඒ ඔස්සේ ජනතාව වෙත සමීප නායකත්වයක් ඔහු වටා ගොනු කිරීම අපේක්ෂාවයි.
දේශපාලන නායකයින් බිහිකර ඔවුන් පාර්ලිමේන්තුවට යොමු කිරීම සිය මාධ්‍ය භූමිකාව තුළ සිරස මාධ්‍ය ජාලය මගින් නිරන්තරයෙන්ම සිදු කරන්නකි.
මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක් බවත් පුවත්පත් වාර්තාවේ දැක්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment