යුද්ධයේදී මියගිය කොටින්ට මුලතිව්හි ප්‍රතිමා පිහිටුවීමේ සූදානමක්


යුද හමුදාව සමඟ සටන් වැදී මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ (මහවිරු) ප්‍රතිමා මුලතිව් ප්‍රදේශයේ ඉදිකරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවමෝහන් ප්‍රකාශ කර ඇත.
තමිල්නාඩුවේ
තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමාවක්‌ මුලතිව් හි පිහිටුවීමේ උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
කුමන බාධක පැමිණියත් මුලතිව් හි කොටි ස්‌මාරක ඉදිකරන බව සිවමෝහන් තවදුරටත් පවසද්දී රැස්‌ව සිටි පිරිස අත්පොළසන් දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය (දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment