ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?

ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?

ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි සරත් විරසේකර මහතා පවසයි.

මුදල් ලබා දී හෝ පාර්ලිමේන්තුව තුළ, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කර ඇති බවත් ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත දක්වන සියළු දෙනා මෙම මුදලට තම මාතෘ භූමිය පවා දෙන්නවුන් බවත් අද(01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු ප‍්‍රකාශ කළේ ය. 

මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙඳුම්වාදී දේශපාලඥයින්ගේ, දෙමළ ඩයස්පෝරාවෙන් හා බටහිර රටවල පූර්ණ සහයෝගයෙන් බවත් සඳහන් කළ විරසේකර මහතා නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුර වෙනම රාජ්‍යයක් බවට පත් කර දීම මොවුන්ගේ අභිප‍්‍රාය බවත් කියා සිටියේය. 

රටේ ඒකියභාවය මෙම ව්‍යවස්ථාව තුළින් විශාල අවදානමකට ලක්ව තිබුණ ද ඒ පිළිබ‍ඳ සමාජය නිසි ලෙස දැනුවත් වී නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment