යුද සමයේ ඉගැන්වූ ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථීර පත්වීම්

යුද සමයේ ඉගැන්වූ ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථීර පත්වීම්

යුද සමයේදී සහ යුද්ධයෙන් පසුව වසර ගණනාවක් ස්වේච්ඡාවෙන් ගුරුවෘත්තීයේ යෙදුනු උතුරු නැගෙනහිර ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පවසයි.

ඊයේ (31) උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

මේ අනුව උතුරු පලාතේ 1347 දෙනෙකුට ස්තීර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එහිදී 1124 දෙනෙකු ස්වේච්ඡාවෙන් උතුරු පලාතේ ගුරුවරුන් වශයෙන් සේවය කොට ඇති අතර 167 දෙනෙකු කොන්ත්‍රාත් පදනම යටතේ හා තවත් 56 දෙනෙකු අමතර රැකියාවක් වශයෙන් ගුරු වෘත්තියේ යෙදුනු අය බව උතුරු ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත.

2016 දෙසැම්බර් මස අදාළ ගුරුවරුන්හට ස්ථීර ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබුණි.

කෙසේ වෙතත් ඉදිරි මස ඇතුළත අදාළ ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගන්නා බවටත් ස්වේච්ඡා පදනම යටතේ සේවය කළ කාලයේදී කැපවීමෙන් සිදු කරන ලද ගුරු වෘත්තිය ස්ථීර පත්වීම් ලැබුනු පසුවද ඒ හා සමානව සේවයක් බලාපොරොත්තුවන බවටද උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ස්වේච්ඡා ගුරුවරුන්ට වැඩි දුරටත් පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment