'සමාජ වැඩ' ගැන ජපුරෙන් උපාධියක් 

'සමාජ වැඩ' ගැන ජපුරෙන් උපාධියක් 

සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය පවත්වාගෙන යන සියළුම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පිරිනැමීමේ මූලික අවබෝධතා ගිවිසුමට අද (01) අත්සන් තැබීය.

මේ අනුව දැනට ජාතික සමාජ සංවර්ධන ආයතනය පිරිනමන ‘සමාජ වැඩ’ උපාධියත් එහි පශ්චාත් උපාධි පාඨමාලාව හා සෙසු ඩිප්ලෝමා පාඨමාලා සියල්ල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පිරිනැමෙනු ඇත. 

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබිණි.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment