'සෙංකඩගල මැණිකේ' මැදිරි ගැලවෙයි - එන්ජිම පමණක් ධාවනය වෙලා

'සෙංකඩගල මැණිකේ' මැදිරි ගැලවෙයි - එන්ජිම පමණක් ධාවනය වෙලා

මහනුවර සිට කොළඹ දක්වා අද (01) උදෑසන 6.30 ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාව ප්‍රදේශයේදී ගැලවී දුම්රිය මැදිරි නොමැතිව කඩුගන්නාව දුම්රිය ස්ථානය දක්වා ගමන්කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම දුම්රියේ එන්ජිම පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මැදිරිවලින් ගැලවී ගොස් ඇති අතර, එය ධාවනය කළ රියදුරු ඒ බව නොදැන කඩුගන්නාව දුම්රිය ස්ථානය දක්වා එන්ජිම පමණක් ධාවනය කර තිබේ.

මෙම දුම්රිය පිටත්වන අවස්ථාවේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ දුම්රිය එන්ජිමක් දුම්රිය මැදිරිවලට ඉදිරියෙන් සම්බන්ධ කර, ඊට ඉදිරියෙන් අදාළ දුම්රියේ එන්ජිම සවිකර දුම්රිය ධාවනය ඇති අතර, පිළිමතලාව දුම්රිය ස්ථානය පසුකර මදදුරක් යනවිට ප්‍රධාන එන්ජිම ගැලවී ඉදිරියට ධාවනය වී තිබේ.

අලුත්වැඩියාවක් සඳහා රැගෙන යමින් තිබූ එන්ජිම සහ මැදරි පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ පැය භාගයක පමණ කාලයක් නැවතී තිබී ඇති අතර, පසුව යළි රැගෙන ආ දුම්රිය එන්ජිම ඊට සම්බන්ධකර ධාවනය කර තිබේ.

අනතුරුව අලුත්වැඩියාව සඳහා මරදානට රැගෙන යෑමට සැලසුම් කර තිබූ දුම්රිය එන්ජිම කඩුගන්නාවේදී ඉවත්කර දුම්රිය ධාවනය කර ඇති අතර, එම දුම්රිය කොළඹට ළඟාවී ඇත්තේ පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසුවය. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment