මාස දෙකක් තුළ ඉස්ලාම් අන්තවාදීන් 201ක් ලංකාවට ඇතුළුවෙලා

මාස දෙකක් තුළ ඉස්ලාම් අන්තවාදීන් 201ක් ලංකාවට ඇතුළුවෙලා

පසුගිය මාස දෙකක කාලය ඇතුළත ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුළුවී ඇති බව සඳහන් කරමින් බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආගමන හා විගමන පාලක එම්.එම්. රණසිංහ මහතාට ඊයේ (07) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණ සිදු කළ පැමිණිල්ලෙන් අනතුරුව මාධ්‍යවලට අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ පැවැසූහ.

බටහිර රටවලට එන්න එන්නම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් එල්ල වන ත්‍රස්තවාදී තර්ජන වැඩි වූ බවත් ඒ හේතුවෙන් මෑතකදී අමෙරිකාව ඇතුළු බොහොමයක් බටහිර රටවල් ඔවුන්ගේ ආගමන විගමන නීති රීති දැඩි කළ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

“දැන් ඒ අන්තවාදීන් අපේ රට ඔවුන්ගේ ගොදුරක් වගේම දඩ බිමක් කර ගැනීමට උත්සාහයක නිරත වෙනවා. පසුගිය මාස තුනක කාලය ඇතුළත සංචාරක වීසා ලබා ගනිමින් ඉස්ලාමීය අන්තවාදීන් 201ක් ලංකාවට ඇතුළු වී ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. මෙලෙස පැමිණෙන අන්තවාදීන් ඉන්නෙ කොහේද කරන්නේ මොනවාද ආපසු නොගොස් රැඳී සිටින්නේද යන තොරතුරු සොයා බැලීමේ කිසිදු ක්‍රමවේදයක් නැහැ.“ යැයිද ඒ හිමියෝ සඳහන් කළහ.

“එහෙත් අපි මේ ගැන සොයා බැලුවා. සංචාරක වීසා මඟින් මෙරටට පැමිණෙන මේ කණ්ඩායම් වීසා කාලසීමාව අවසන්වීමෙන් පසුවත් මෙරට රැඳී සිටිනවා. මොවුන් සංචාරක වීසා ලබාගෙන පැමිණ මෙහි කරන කිසිදු සංචාරයක් නැහැ. මුස්ලිම් රටවල් පවා හෙළා දකින අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ලංකාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. අප මේ ගැන ආගමන විගමන පාලකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් කළා.

අපේ රටේ තිබෙන්නේ යල් පැනපු ආගමන විගමන නීති-රීති. මේවා සංශෝධන විය යුතු කාලය පැමිණ තිබෙනවා. ඒ වගේම ඉස්ලාමීය අන්තවාදීන් විසින් රටේ සිදු කරන ක්‍රියාකාරකම් පාලනය කිරීමට පොලිසිය, බුද්ධි අංශවල මෙන්ම මහජනතාවගේ සහායත් ආගමන විගමන පාලකවරයාට ලබා දිය යුතුයි.“ යැයිද ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment