මගේ දෙවන විවාහයේත් ප්‍රශ්න තියනව - උපේක්ෂා ස්වර්ණමාලි

උපේක්‌ෂාගේ ජීවිතයට කොයි කරම් දුරට සමන්තව සැසඳුනාද ?

අපි දෙන්නම එකම ආගමේ. ඒ වගේම අපි හිටියේ අපිට ගැළපෙන වයස්‌ සීමාවන් වල. ප්‍රධානම දේ වුණේ මේ අපි දෙන්නගෙම ප්‍රථම විවාහ අත්දැකීම නෙවෙයි.
මෙතෙක්‌ ජීවිතේ ලද අත්දැකීම් නිසා
අපිට ආදරය විවාහය වැනි දේවල් දිහා වෙනස්‌ම විදිහට දකින්නට පුළුවන්කම තිබුණා. සැමියා හා බිරිඳ විදිහට එකිනෙකාට යටහත් පහත් වීම වෙනුවට එකිනෙකාට ගරු කරන්න හා දෙදෙනාගේ ජීවන අපේක්‌ෂාවන් තේරුම් ගන්න අපිට පුළුවන් වුණා.


පෙම්වතුන් ලෙස ගෙවන්නට කාලයක්‌ ඉතිරි නොකරම විවාහය කරා ගිය ආදර කතාවේ පුංචි පුංචි ආදර හීන නැති තරම්ද?

අපි තවමත් විවාහ වුණ අලුත නිසා ගෙවෙමින් පවතින්නෙ සොඳුරු කාලයක්‌. නමුත් හැබෑ ලෝකයේ දෙන්නෙක්‌ එක්‌කාසුවෙලා ජීවත්වෙනවා කියන්නෙ ආදරය වගේම ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සූදානම් කියන එක. කවුරු කොහොම කිව්වත් සාම්ප්‍රදායික බිරිඳගේ චරිතයෙන් මිදුනොත් පවුලක පැවැත්මත් බිඳවැටෙනවා. අනිත් බිරින්දෑවරු වගේම මමත් සමන්ත අකමැති දේවල් නොකර සැමියාට ගෞරවයෙන් සලකනවා. ඒ තමයි අපේ ආදරයේ ස්‌ථාවරත්වය.

උපේක්‌ෂා අද වෙද්දි දෙන්න දෙමල්ලන් අතර ඇතිවන නොහොඳ නෝක්‌කාඩුකම් වලටත් ඉඩක්‌ නොදෙන පරිණත සිතුවිලි ඇති පෙම්බර බිරියද ?

මම විතරක්‌ නෙවෙයි සමන්තත් දැන් ඉස්‌සර වගේ හදිසි තීරණවලට නොයන වෙනස්‌ කෙනෙක්‌ කියල එයාගෙ අම්මත් කියනවා. මෙහෙමයි නවකතාවක වගේ ගැටුම් නැති ජීවිතයක්‌ අපි අතරෙ තියෙනව කිව්වොත් ඒක බොරුවක්‌. උපන්දා සිට අපි එක්‌කම රැඳී ඉන්න අම්මා තාත්තා එක්‌ක පවා මත ගැටුම් ඇතිවෙද්දි ජීවිතයේදි අතරමගදී මුණ ගැහුණ කෙනෙක්‌ එක්‌ක සියයට සියයක්‌ පෑහිලා ජීවත්වෙන කෙනෙක්‌ ඉන්න බැහැ. නමුත් මම පැවසුවෙ අපි දැන් වයසින් හා අත්දැකීම්වලින් මුහුකුරා ගිහින් නිසා ඒ දේවල් එහෙම වෙන්න පුළුවන්. එහෙම මත ගැටුමක්‌ නිසා විවාහයක්‌ අතැරදා පලා යන්න වුවමනා නැහැ කියන එක තේරුම් අරන් ජීවත් වෙනවා කියලා.

(ධම්මිකා සුරංජි පතිරණ  -මීවිත)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment