ආණ්ඩු පෙරළියෙන් පසු නාමල් වැඩිපුරම හිටපු තැන හෙළිවෙයි

ආණ්ඩු පෙරළියෙන් පසු නාමල් වැඩිපුරම හිටපු තැන හෙළිවෙයි

පසුගිය වසර දෙක තුළදී තමන් වැඩිපුරම සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ බන්ධනාගාරයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

යෝෂිත රාජපක්ෂ මහතා සහ රොහාන් වැලිවිට ඇතුළු කණ්ඩායම රක්ෂිත බන්ධනාගාරයේ සිටි දින 45න් 40ක්ම ඔවුන් හමුවීමට තමන් ගිය බවත් ඊට අමතරව ස්වාමීන් වහන්සේලා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිටි සෑම අවස්ථාවකදීම ගිය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්දිනක් තම ආච්චී ඇතුළුව පවුලේ සියලුදෙනා ප්‍රශ්න කිරීම්වලට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනවිත් තිබුණු අවස්ථාවකදී මුණගැසුණු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තජුඩීන්ගේ නඩුව සම්බන්ධව අධිකරණය නොදන්නා තීන්දු විස්තර, චීන තානාපති නොදන්නා කරුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දන්නා බවත් පැවසූ මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම්වල ඩොලර් බිලියන 18ක් තිබුණු බවට මීට පෙර පැවසුවද පෙරේදා වනවිට එය ඩොලර් බිලයනයක් දක්වා අඩුවී එම ගිණුම පියාගෙන් තමාගේ නමට හරවා ඇතැයිද සඳහන් කළේය.

ඊයේ (07) රොහාන් වැලිවිට මහතාගේ 'මාගේ කටඋත්තරය' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment