රජයේ සේවකයින්ගේ වැටුප ලොකු වෙනසකට - ලබන මාසයේ සිට කොටස් දෙකකට?

රජයේ සේවකයින්ගේ වැටුප ලොකු වෙනසකට - ලබන මාසයේ සිට කොටස් දෙකකට?

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ සූදානමක් ඇතැයි රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

ඒ අනුව මාසික වැටුප කොටස් දෙකක් ලෙස ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා අවධාරණය කළේය.

මාසයක 20වනදා හෝ 25වනදා වැටුප් ලබාදීම සාමාන්‍ය ක්‍රමය වුවත් මෙම ක්‍රමය යටතේ මූලික වැටුප එම දිනයන්ට ලබාදී දීමනාවන් මාසයක 5වනදා හෝ 10වනදාට තීරණය කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

මෙම තීරණය කිසිසේත්ම රාජ්‍ය සේවයට සුබදායි එකක් නොවන බවත් මෙවැනි තීරණයක් ගන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වුවද ආරම්භ කිරිමට සූදානම් බවත් තිලකරත්න මහතා  වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් රාජ්‍ය සේවකයින් සදහාවූ වැටුප මාර්තු මාසයේ සිට කොටස් දෙකකට ගෙවීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මූලික වැටුප පමණක් වැටුප් දිනයේ ගෙවීමට කටයුතු කරනු ඇතැයිද අනෙක් දීමනා හා අතිකාල මුදල් ඉන්පසු මාසයේ 05 වෙනි දින හෝ 10 වෙනි දින ගෙවීමට කටයුතු සූදානම් කරන ලෙස ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සදහාවූ නීති මාලාව ලබන සතියේ සියලු රාජ්‍ය ආයතන වෙත ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයිද වාර්තා වේ.

රටේ පවතින දැඩි මූල්‍ය අර්බුධයෙන් රට ගොඩ ගැනීම සදහා රාජ්‍ය සේවකයාද කැපවිය යුතු බවට නැවුම් තේමාවකින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනු ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ගේ මාසික වැටුප කොටස් දෙකක් ලෙස ලබාදීමට සාකච්ඡාවක් පැවතියද එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment