විරෝධතාවේ ගිය වෙද සිසුන් අත්අඩංගුවට ගත්තාට අද 3 උදේ වරුව රෝහල් වැඩ නවතී


ඊයේ (2දා) වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධාන කළ සයිටම් විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීම වළක්වමින් පොලිසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව අධි පීඩක ජල
හා කඳුළු ගෑස්
ප්‍රහාර එල්ල කොට විසුරුවා හරින ලද අතර 21 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ඔවුන් අධිකරණය වාරණයක් මගින් තහනම් කර තිබියදීත් විරෝධතාවේ නිරතවූ බැවිනි.
මාර්ග බාධකද බිඳ දමා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑමට උත්සාහ කිරීමේදී පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් අධි පීඩක ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ පසු වෛද්‍ය සිසුන් 21 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ පසු එම අවස්ථාවේ අත්අඩංගුවට පත් පිරිසට ඇප ලබාදීම සඳහා යැයි පවසා රැගෙන ගිය තවත් විරෝධතාකරුවන් 20 දෙනකුට අධික ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගත් බවද වාර්තා විය.
මෙම අත්අඩංගුවට ගැනීමට විරේධය පළ කරමින් අද දිවයිනේ සියලුම රෝහල් වල වෛද්‍යවරු උදේ 8-12 පැය 4 ක් දෙස්වයෙන් ඉවත්ව සිටින බව දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment