එකම උත්සවයකදී මනූෂගේ කතාවට තලතා බලෙන් පිළිතුරු දෙයි

එකම උත්සවයකදී මනූෂගේ කතාවට තලතා බලෙන් පිළිතුරු දෙයි

මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේදී එම පිළිතුරුට පරස්පර පිළිතුරක් එම ස්ථානයේ සිටි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලබාදුනි.

ශ්‍රීපාදය දෙපැත්තෙන් නැඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීමේ කතාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඔළුව පාවිච්චි කර මේ ගමන යන බවත්, 2020 වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බවත්ය.

ඒ මහතා එසේ ප්‍රකාශ කරනවාත් සමඟ අසල සිටි අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය කැමරාව ඉදිරියට පැමිණියේ තමන්ට ඊට පිළිතුරක් දීමට අවශ්‍ය බව පවසමිනි. ඒ අවස්ථාවේදී එතුමිය කියා සිටියේ කවුරුන් ආණ්ඩු හදන්න බලා සිටියට ජනපති පත් කළේ තමන්ගේ පක්ෂය බවයි.

ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මහතා එය සිනාමුසුව අනුමත කළේය.

බකමුණ ප්‍රදේශයේ විදේශ රැකියා නියුතු ශ්‍රමිකයන්ගේ පවුල්වල ඇති ගැටළු සම්බන්ධනයෙන් සොයා බැලීමේ අවස්ථාවට එක්වෙමින් මෙම අදහස් පළ කර සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment