හෙජින් ගනුදෙනුව ගැන කෝප් විමර්ශන අරඹනවා - හදුන්නෙත්ති

හෙජින් ගනුදෙනුව ගැන කෝප් විමර්ශන අරඹනවා - හදුන්නෙත්ති

හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්‌ථාව විමර්ශන නොකිරීම හේතුවෙන් එම ගනුදෙනුව පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කෝප් කමිටුව තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මෙම මාසය ඇතුළත එම විමර්ශන සිදු කරන බවද හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බවද පැවසූ ඒ මහතා එම වාර්තා පිළිබඳව පොදු වාර්තාවක්‌ කැඳවා කොප් කමිටුව වෙත භාර දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බවත් සඳහන් කළේය.

එසේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ මෙයට සම්බන්ධකර හෙජින් ගනුදෙනුව පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇති බවත් පෙරේදා(09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා පහ තුළදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හඳුන්නෙත්ති මහතා මේ බව පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment