ජනාධිපති කාර්යාලයේ ප්‍රභූ රථ අතුරුදන්?

ජනාධිපති කාර්යාලයේ ප්‍රභූ රථ අතුරුදන්?

ජනාධිපති කාර්යාලයේ තිබූ වෙඩි නොවදින මෝටර් රථ රැසක් මේ වන විට ජනාධිපති කාර්යාලයේ නොමැති හෙයින් ඒවාට වූයේ කුමක්ද යන්න ගැටලුවක්ව ඇති බවට ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. 

විශේෂ ප්‍රභූ රථ ඇතුළු සියලු වාහන අඩංගු ලේඛනයක් ජනාධිපති කාර්යාලයේ තිබිය යුතු වුවත්, එවැන්නක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා 2015 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති කාර්යාලයට අයත් සෙසු වාහන සොයා ගැනීම පවා දුෂ්කර වී තිබේ.

මෙම වෙඩි නොවදින වාහන ඇතුළු වාහන 69ක් යුද හමුදාවට බාර දී ඇති බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසූ අතර එසේ යුද හමුදාවට වාහන බාර දීමේ කිසිදු ක්‍රමවේදයක් ජනාධිපති කාර්යාලයේ නොමැත.

යුද හමුදාව විසින් ජනාධිපති කාර්යාලයෙන් රථ වාහන ඉල්ලා සිටින්නේ විශේෂිත ප්‍රභූ ආරක්ෂාවක් සඳහා වෙඩි නොවදින මෝටර් රථ ලබා ගැනීමට පමණක් වන අතර අදාළ කාර්යය අවසන් වූ වහාම එම රථ යළි බාර දීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. 

එවන් කිසිදු ඉල්ලීමක් නොමැතිව ජනාධිපති කාර්යාලයේ තිබූ මෝටර් රථ මේ ලෙස යුද හමුදාවට බාර දී ඇත්නම් ඒ කුමන හේතුවක් නිසාද යන්න ගැනද සැක මතුව තිබේ. 

යුද හමුදාවෙන් වාහන කිසිවක් ඉල්ලා නොමැති අවස්ථාවක විශේෂ ප්‍රභූ රථ යුද හමුදාවට බාර දී ඒවා සාලාව අවි ගබඩා කඳවුරේ තිබියදී විනාශ වන්නට ඇති බවද නිල නොවන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

නිසි සංගණනයන් පවා නොමැති වෙඩි නොවදින මෝටර් රථ සංඛ්‍යාවක් ජනාධිපති කාර්යාලයේ තබා ගැනීම, ඒවා පිළිබඳ නිසි සංඛ්‍යා ලේඛන නොමැති වීම මෙන්ම එම වාහන යුද හමුදාවට බාර දී වගකීම්වලින් නිදහස් වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට සැක මතුව ඇත. එසේම වෙඩි නොවදින රථ යුද හමුදාවට බාර දී ඒවා සාලාව අවි ගඩබා කඳවුරේ ගාල් කිරීමට යම් අයකු උපදෙස් දුන්නාද යන්න ගැනත් මේ වන විට සැක මතුව ඇත.

ජනාධිපති කාර්යාලයේ හිමිකරුවන් නොමැති රථ වාහන රැසක් පිළිබඳව වාර්තා වී ඇති අතර ඇතැම් වාහන විවිධ ව්‍යාපෘති සඳහා තීරු බදු රහිතව ගෙන්වා ගත් ඒවා වන අතර ව්‍යාපෘති අවසන් වීමෙන් පසුව එම වාහන සඳහා හිමිකරුවකු නොමැති තත්වයකට පත්ව ඇත.

කෙසේ හෝ ඇතැම් වෙඩි නොවදින රථ නඩත්තුවකින් තොරව පසෙකට දැමීම් සම්බන්ධවද වාර්තා වී ඇති අතර මේ සම්බන්ධව කඩිනම් පරීඅක්ෂණයක් පැවැත්විය යුතු බවටත් අස්ථානගතව ඇති වෙඩි නොවදින මෝටර් රථ වෙත්නම් ඒ ගැන වහාම සොයා බැලිය යුතු බවටත් ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි. 

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment