දුමින්දගේ රෝගය සොයන්න වෛද්‍ය මණ්ඩලයක්


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්කම් බැරකම් ප්‍රකාශ වසර 03ක කාලයක් හෙළි නොකිරීමේ චෝදනා යටතේ හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට
එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරනු ලැබ ඇති නඩු තුනක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්, අරුණි ආටිගල හමුවේ ඊයේ කැඳවනු ලැබී ය.
පසුගිය මස 26 වන දා නඩු දිනයේදී සැකකරුගේ ස්නායු රෝග තත්ත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබිණි‍ෙ
එම රෝග නිරීක්ෂණය සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණයට දන්වා තිබිණි
ඒ අනුව, වෛද්‍ය මණ්ඩලයක් පත් කර විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබන 28 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස,  අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල විසින් ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට නියෝග කරනු ලැබී ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment